අරගලකරුවන්ගේ ග්‍රහණයට නතුවූ ජනාධිපති මන්දිරයේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දේපළවලට හානි සිදුව ඇතැයිද සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසක් අද (12) එහි පැමිණ තිබේ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ඇතුළු නිළධාරින් පිරිසක් ජනාධිපති මන්දිරය නිරීක්ෂණය කර එහි සිටින තරුණ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තා වෙයි.
විරෝධතාකරුවන් පසුගිය සෙනසුරාදා සිට කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයේ තව දුරටත් රැඳී සිටී.
මෙම ස්ථාන නැරඹීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන් එම දේපළවලට හානි සිදුකර ඇතැයිද වාර්තාවේ.