තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පොලිස් ඇඳරි නීතිය කියා නීතියක් නැහැ"- සුමන්තිරන්

    “පොලිස් ඇඳරි නීතිය කියා නීතියක් නැහැ”- සුමන්තිරන්

    පොලිස් මූලස්ථානය විසින් අද (08) රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පෙලිස් ඇඳිරි නීතිය පැනවීම මෙරට නීතියට පටහැනිව සිදුකරන ලද්දක් බවත් මෙරට නීතියට අනුව පොලිස් ඇදිරි නීතිය ලෙස කිසිඳු නීතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්. ඒ. සුමන්තිරන් පවසයි.

    මන්ත්‍රීවරයා විසින් සිය නිල ෆේස් බුක් ගිණුමට විශේෂ වීඩියොවක් නිකුත් කරමින් මේ බව අද පස්වරුවේ සඳහන් කළේය.
    එහිදී මන්ත්‍රීවරයා මේසේද පැවසීය,
    ‟පොලිසිය විසින් කොළඹට සහ කොළඹට ආසන්න ප්‍රදේශ වලට පොලිස් ඇඳිරි නීතිය පනවලා තියෙන බවට ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. නීතියේ පොලිස් ඇඳිරි නීතිය කියලා කිසිවක් සඳහන්ව නැහැ. පොලිස් ආඥා පනත යටතේ හෝ මහජන ආරක්ෂණ පනත යටතේ වෙන කිසිම නීතියක් යටතේවත් පොලිස් ඇඳිරි නීතිය කියලා කරුණු නැහැ.

    ඒ නිසා මේ ප්‍රකාශනයේ වලංගුතාවයක් නැත. මේක ආණ්ඩුව කරන්නේ හෙට දවසේ ජනතාව මේ අරගලයට එන එක වලක්වාගන්න මේ නිති විරෝධී ක්‍රියාව කරන්නේ. ඒ නිසා හැමෝම දැනගත යුතුයි පොලිස් ඇඳිරි නීතිය කියලා කිසිවක් නැහැ.”

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img