තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ මරණය ඝාතනයක්

    කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ මරණය ඝාතනයක්

    කන්දකාඩ් හී පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාප මධ්‍යස්ථානයේ රදවා සිටියදී මරණයට පත්වූ රැදවියාගේ මරණය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අද තහවුරු වී තිබේ.

    මොට ආයුධයකින් කළ පහරදීමක් මෙම මරණයට හේතුවී ඇති බවත් සිරුර පුරාම අභ්‍යන්තර තුවාල සිදුව ඇති බවත් එම තැලීම් තුවාල වල සංකූලතා හේතුවෙන් මරණය සිදුව ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අධීකරණ වෛද්‍යවරයා විසින් තහවුරුකර ඇත.

    මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට පොලීසිය ගුවන් හමුදවේ සහ යුද හමුදාවේ සැරයන්වරු සිව් දෙනෙක් අත්අඩංගුවට ගත්තේය. ඒ එම රැදවියාට පහරදුන් බවට සෙසු රැදවූවන් ලබාදුන් සාක්ෂිපදනම් කරගෙනය.

    පහරදීමට යොදා ගත් අධිබලැති විදුලි රැහැනක අඩි 03ක පමණ කොටසක්ද, උණ පතුරු රදකක්ද කදවුරේ සඟවා තිබියදී පොලීසිය සොයා ගත්තේය. මරණය සිදුව ඇත්තේ මෙම විදුලි රැහැනෙන් සහ උණ පතුරෙන් කළ පහරදීම් වලිනි.

    ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පැවැත්වෙන්නේ ඝාතනයක් ලෙස සළකා බව පොලීසිය සඳහන් කරයි.

    ඉකුත් 29 වෙනිදා මෙම ඝාතනය සිදුවන අතර ඒ සම්බන්ධයෙන් සෙසු රැදවියෝ උද්ඝෝෂණයක නිරත වෙමින් කළහාකාරී ලෙසද හැසුරිනි. එසේම පිරිසක් එහි පුනරුත්ථාපනය වීමට නොහැකි බව පවසමින් පළාද ගියේය. පසුව පොලීසිය ඔවුන්ව අත්අඩංගුවට ගත්තේය. තවත් අත්අඩංගුවට ගැනීමට ඉතිරිව අත්තේ 25ක පමණ පිරිසක් පමණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img