තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් පෙළපොත් මුද්‍රණයට වියදම රුපියල් කෝටි දහස පනී

    පාසල් පෙළපොත් මුද්‍රණයට වියදම රුපියල් කෝටි දහස පනී

    ලබන වසරට අදාළ පෙළපොත් මුද්‍රණය කිරීමේ වියදම් පසුගිය වසරට සාපේක්ෂව පස් ගුණයකින් ඉහළ යන බවට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සිදුකළ ඇස්තමේන්තුවකට අනුව රුපියල් කෝටි 1100ක් ඊට අවශ්‍ය වන බව සඳහන් වේ.

    මේ අනුව එම මුදල මහා භාණ්ඩාගාරයෙන් ලබාදීමට කටයුතු කරන ලෙස මේ වන විට ඉල්ලා ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පැවසීය.

    පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පෙළපොත් නැවත පරිහරණ ප්‍රතිශතය 30 % සිට 60 % දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්ය.

    මේ අනුව 3, 4, 5, 10 සහ 11 යන ශ්‍රේණිවල පෙළපොත් ආපසු ලබාගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    මීට අමතරව පෙළපොත් මුද5ණය කිරීමේ අවශ්‍යතාවයෙන් 45 % ක් රාජ්‍ය මුද5ණ නීතිගත සංස්ථාවෙන් සිදු කෙරෙන අතර ඉතිරි 55 % සඳහා පෞද්ගලික මුද5ණකරුවන්ට භාරදීම සඳහා ලබන සතියේදී ටෙන්ඩර් කැඳවීමට නියමිතව තිබෙනවා. 

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img