තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආහාරවල මිල 80%කින් ඉහළ ගිහින්

    ආහාරවල මිල 80%කින් ඉහළ ගිහින්

    ආහාර හා ආහාර නොවන භාණ්ඩවල මිල ඉහළ යාම ගෙවුණු මාසයේ උද්ධමනය 54.6%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

    ඒ ගෙවුණු මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී උද්ධමනය 12.80%කින් ඉහළ යමිනි.

    මැයි මාසයේදී එය පැවතියේ 39.1%ක් ලෙසයි.

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනයට අනුව ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ගෙවුණු මැයි මාසයේ පැවති සියයට 57.4හි සිට ජුනි මාසයේ දී සියයට 80.1 දක්වා ඉහළ ගොස් තිබේ.

    ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ගෙවුණු මැයි මාසයේ පැවති සියයට 30.6හි සිට ජුනි මාසයේ දී සියයට 42.4 දක්වා ඉහළ ගියේය.

    2022 ජුනි මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 12.80ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 6.81කින් සහ සියයට 5.99කින් ඉහළ යෑම මේ සදහා හේතු විය.

    ආහාර කාණ්ඩය තුළ 2022 ජුනි මාසයේ දී, නැවුම් මත්ස්‍ය, එළවළු, පාන්, සහල් සහ කිරිපිටි මිල සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

    තවද, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල්, පාසල් ප්‍රවාහන ගාස්තු සහ බස් ගාස්තු), ආපනශාලා සහ හෝටල්, අධ්‍යාපනය (ද්විතීයික අධ්‍යාපනය සඳහා වන උපකාරක පන්ති ගාස්තු), සහ නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නඩත්තු/පිළිසකර කිරීම් සහ එල්.පී. ගෑස්) යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගියේය.


    එමෙන්ම, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 14.2හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 18.4 දක්වා ඉහළ ගියේය.

    ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 28.4හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 39.9 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 10.2හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 13.3 දක්වා ඉහළ ගියේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img