තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංවිමේ විදුලි වැඩ ගැන විමර්ශනයක්

    ලංවිමේ විදුලි වැඩ ගැන විමර්ශනයක්

    විදුලිබල මණ්ඩලයේ විදුලිය මිලදි ගැනීම්, විදුලිය උත්පාදනය කිරීම්, බෙදා හැරීම් සහ විදුලි ව්‍යාපෘති පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

    එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේ, ලබන මස 19 සිට දිනපතා කොප් කමිටුව රැස් වී මෙම විමර්ශනය සිදු කිරීමට නියමිතව ඇති බවයි.

    පසුගිය දා කොප් කමිටුව හමුවට ලංකා විදුලි බල මණ්ඩලය කැඳවූ අවස්ථාවේ ගත් කොප් කමිටු සාමාජිකයන් සිදු කළ ඉල්ලීමක් පරිදි මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img