තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යාපනයේ ගුවන්තොට නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා දොරගුළු අරී

    යාපනයේ ගුවන්තොට නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා දොරගුළු අරී

    යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් නැවත ලබන 01 වෙනිදා සිට ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

    මූලික ජාත්‍යන්තර නියාමන අවශ්‍යතාවන් සහතික කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් කටයුතු 2019 නොවැම්බර් මස 11 දින ආරම්භ කර ලද නමුත් කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු 2020 මාර්තු මස 15 දින සිට තාවකාලිකව අත්හිටුවා තිබේ.

    එම ගුවන් තොටුපොළේ සිට දකුණු ඉන්දියානු ගමනාන්ත දක්වා කුලී ගුවන් ගමන් සහ කාලසටහන්ගත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තරව සහ දේශීයව ස්ථාපිත කර ඇති ගුවන් සමාගම් විසින් මේ වන විට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

    ඒ අනුව, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් කටයුතු 2022 ජූලි මස 01 දින සිට නැවත ආරම්භ කිරීම පිළිබඳව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා විසින් ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img