තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ෂෙඩ්වලට හමුදා ආරක්ෂාව ඉල්ලයි

    ෂෙඩ්වලට හමුදා ආරක්ෂාව ඉල්ලයි

    ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා පොලිස් ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බැවින් හමුදා ආරක්ෂාව ලබා දෙන්නැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලිමක් කරයි.

    එහි සභාපති ඩබ්ලිව්. එස්. එස් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පවතින ඉන්ධන හිඟය හමුවේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලින් 70%ක් පමණ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බවයි.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ දින තිහකට පෙර ඇනවුම් සිදුකළ ද මෙතෙක් ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබි නොමැති බවයි.

    බැංකු ණය ලබා ගනිමින් ඇනවුම් සිදු කර ඇති බැවින් පිරවුම් හල් වෙත ඉන්ධන නොලැබිම හමුවේ තමන් දැඩි දුෂ්කරතාවයට පත්වි ඇති බව ඩබ්ලිව්. එස්. එස් ප්‍රනාන්දු මහතා පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img