තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රීගේ මාමගේ හොර වැඩ වෙන ෂෙඩ් එකක් ගැන පොලිස් ලොක්කෙක්ගෙන් පැමිණිල්ලක්

    මන්ත්‍රීගේ මාමගේ හොර වැඩ වෙන ෂෙඩ් එකක් ගැන පොලිස් ලොක්කෙක්ගෙන් පැමිණිල්ලක්

    පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ ඥාතියෙකුට අයත්බව කියන යාපනය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ අක්‍රමිකතා සිදුවන බැවින් එම ඉන්ධන පිරවුම්හල සම්බන්ධයෙන් යම් පියවරක් ගන්නා ලෙස යාපන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට අද ලිපියක් යොමුකර තිබේ.

    එම ලිපියෙන් ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන තොග මෙම ඉන්ධන පිරවුම්හල වෙත ලැබුණත් නිසි ලෙස ඒවා බෙදා හැරීමක් සිදු නොවන බවය. මේ දිනවල රටේ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන බෙදා හැරීමේදි අනුගමනය කළ යුතු බව සඳහන් උපදෙස් පවා නිසි ලෙස මෙම ඉන්ධන පිරවුම්හලේ ක්‍රියාත්මක නොවන බවද ඔහු පෙන්වා දෙන්නේය.

    සෞඛ්‍ය සේවයේ නිරත අයට ඉන්ධන ලබාදීමට වෙන්කර ඇත්තේ මෙම ඉන්ධන පිරවුම්හලය. ඊයේ දිනයේ මෙම ඉන්ධන පිරවුම්හලට සෞඛ්‍ය සේවකයින් විශාල පිරිසක් උදෑසන සිට පැමිණ පෝලිම්වල රැදී සිටියත් ඉන්ධන නිකුත් කරනු ලැබුවේ දහවල් කාලයේදී බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියෙහි සඳහන්කර ඇත. එසේ ප්‍රමාදවී ඉන්ධන නිකුත් කිරීම ආරම්භකර ඇත්තේද ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන තොග තිබියදී බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

    අද උදෑසනත් ඉන්ධන තොගයක් එම ඉන්ධන පිරවුම්හලට ලැබී තිබුණත් සවස්වන තුරුම ජනතාවට ඉන්ධන බෙදා හැරීමක් සිදු නොවූ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා යොමු කළ ලිපියෙහි දක්වා තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img