තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයලබන සතියේ ඉස්කෝල ඇරෙන හැටි

    ලබන සතියේ ඉස්කෝල ඇරෙන හැටි

    අනිද්දා (27) දින සිට ලබන ජූලි 01 දක්වා සතිය තුල පාසල් පැවැත්වීමට තීරණය කර ඇති ආකාරය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

    අධ්‍යාපන අමාතයාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන පරිදි, 2022/06/20 සිට 20222/06/24 දින දක්වා ග්‍රාමීය පාසල්වල පාසල් පැවත්වූ ආකාරයට සිසුනට සහ ගුරුවරුනට ප්‍රවාහන අපහසුතාව නොපවතින පාසල් සාමාන්‍ය පරිදී පැවැත්වීය යුතුය. මෙම පාසල්වල ප්‍රවාහන අපහසුතා පවතින ගුරුවරුන් සිටී නම් විදුහල්පති විසින් එම ගුරුවරුන්ගේ පෞද්ගලික නිවාඩුවලින් නිදහස් කර නම්‍යශීලී කාලසටහන් සකස් කෙරේ.

    පසුගිය සතියේ නොපැවැත්වූ නාගරික ප්‍රාදේශවල පාසල් සතියකට දින 03 ක් එනම් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දින පෙ.ව 07.30 සිට ප.ව 01.30 දක්වා පැවැත්විය යුතුය. මෙම පාසල්වලද, ප්‍රාථමික අංශ පවත්වන දින ගණන පැවැත්වීම පිළිබදව තීරණය කිරීමේ බලය විදුහල්පතිට හිමිවේ.

    සිසුන් නොපැමිණෙන දින සඳහා මාර්ගගත ඉගැන්වීම/වැඩ පැවරුම්/නිවෙස් පාදක ක්‍රියාකාරකම් මඟින් ඉගෙනුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගනු ලැබේ.

    ප්‍රවාහන අපහසුතා හේතුවෙන් පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා මෙම දින පෞද්ගලික නිවාඩු ලෙස නොසැලකීමට කටයුතු කෙරේ.

    2022/06/20 සිට 2022/06/24 දක්වා ප්‍රවාහන දුෂ්කරතා මධ්‍යයේ පාසල් කටයුතු පවත්වාගෙන යෑමට දායකත්වය දුන් සියලුම විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට ප්‍රණාමය පුදකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් මගින් කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img