තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුපිරි වෙළඳසල් කළමනාකරුගේ ඝාතකයා ත්‍රීවිල් බැටරියෙන් කොටුවේ

    සුපිරි වෙළඳසල් කළමනාකරුගේ ඝාතකයා ත්‍රීවිල් බැටරියෙන් කොටුවේ

    මොරටුවේ පිහිටි සුපිරි වෙළඳ සැලක සහකාර කළමනාකරුව ඝාතනය කර ඔහු පැදවූ ත්‍රීරෝද රථය මංකොල්ලකෑමට සම්බන්ධ වූ සැකරුවෙක් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    මත්කුඩු පානයට ඇබ්බැහිවී සිටින ඔහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් (අයි.ආර්.සී) බව අනාවරණය වී තිබේ.

    මෙම සැකකරු සමඟ එකට මත්කුඩු භාවිතා කරන, හමුදාවෙන් පලාවිත් සිටින පුද්ගලයෙක් සමඟ එක්ව මෙම ඝාතනය කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටී.

    සහකාර කළමනාකරු මාතර පදිංචිකරුවෙකි. මොරටුවේ බෝඩිමක නැවතී සේවයේ නිරතව සිටින බව පොලීසිය කියයි. සුපිරි වෙළදසැලේ සේවය නිමවීමෙන් අනතුරුව අමතර ආදායමක් උපයා ගැනීමට ඔහු ත්‍රීරෝද රථයක් ධාවනට කරයි.

    ඉකුත් 19 වෙනිදා සවස ඔහු සේවය නිමවා ත්‍රීරෝද රථයේ නැගී ගමන් කරමින් සිටියදී මොරටුවේදී ත්‍රීරෝද රථයට ගොඩවන දෙදෙනෙක් මොරටුමුල්ලට ගමන් කර ඇති බවත් මෝලපේ ප්‍රදේශයේ පාළු ස්ථානයකදී ඔවුන් ත්‍රීරෝද රථ රියදුරුගේ බෙල්ලෙන් අල්ලා සිරකර මුදල් ඉල්ලා ඇති බවත් පොලීසිය කියයි.

    එම අවස්ථාවේදි එම තරුණයා ඔවුන් සමඟ පොරබදා ඇති බවත් එහිදී හමුදාවෙන් පළාවිත් සිටින සැකකරු තරුණයාට පිහියකින් ඇන ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

    පිහිපහර කෑ තරුණයා දඟලමින් සිටියදී කටට ප්ලාස්ටරයත් අලවා දෑත් ගැටසා මුදල් පසුම්බිය රැගෙන ඔහුව මහමඟ දමා ඔවුන් දෙදෙනා පළාගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    පිහි පහරින් ඇතිවූ තුවාලයෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසා තරුණයා මියගොස් ඇති අතර මුදල් පසුම්බියේ තිබී ඇත්තේ රුපියල් 300 ක මුදලක් පමණක් බව පොලීසිය කියයි.

    අනතුරුව මෙම කොල්ලකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථය කදිරානට රැගෙන ගොස් කදිරාන පාලම අසලදී ත්‍රීරෝද රථයේ සවිකර තිබුණු කැසට් රෙකෝඩරයත් බෆල් එකත්, බැටරියත් ගලවාගෙන ත්‍රීරෝද රථය සෝදා ඇගිලි සලකුණු මකා දමා එම ස්ථානයේම අතහැර ගොස් තිබේ.

    පොලීසිය සඳහන් කරනු ලැබුවේ 20 වෙනිදා එම ත්‍රීරෝද රථය මහජනතාව විසින් ලබාදුන් තොරතුරකට අනුව සොයාගත් බවය.

    මෙම කොල්ලකරුවන් 20 වෙනිදා අලුයම් කාලයේදී මොරටුමුල්ලේ නිවසකටද කඩා වැදී නිවසේ ජීවත් වූ මවගේ සහ දියණියගේ දෑත් බැද කටට ප්ලාස්ටර් දමා රුපියල් 40,000ක මුදලක් සහ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකා තිබුණි.

    අනතුරුව මේ එක් සැකකරුවෙක් ත්‍රීරෝද රථයේ බැටරිය අලෙවි කිරීමට උත්සහ දරා ඇති බවත් එහිදී පොලීසියට ලද තොරතුරකට අනුව ඔහු සම්බන්ධයෙන් ඇස ගසාගෙන සිට අත්අඩංගුවට ගෙන තිබේ.

    සුපිරි වෙළද සැල් සහකාර කළමනාකරු ඝාතනයකර ත්‍රීරෝද රථයෙන් පැහැරගත් උපකරන මෙන්ම මව සහ දියණිය ගැටගසා කොල්ලකෑ රන්භාණ්ඩ වලින් කොටසක්ද මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සොයාගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img