තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැල්ලවාය ඉන්ධන පිරවුම්හලේ ගැටුමෙන් පිහි ඇනුම් කෑ 04ක් රෝහලේ

    වැල්ලවාය ඉන්ධන පිරවුම්හලේ ගැටුමෙන් පිහි ඇනුම් කෑ 04ක් රෝහලේ

    වැල්ලවාය ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ රැදී සිටි ත්‍රී රෝද රථ රියදුරන් සිව් දෙනෙක් පිහි ඇනුම් කා ඊයේ රාත්‍රී කාලයේ වැල්ලවාය රෝහලට ඇතුලත් කර තිබේ.

    එම සිව් දෙනාට පිහියෙන් ඇන ඇත්තේ තණකොළ කැපීමේ යන්ත්‍රයකට ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයෙක් විසිනි.

    එම පුද්ගලයා තණකොළ කැපීමේ යන්ත්‍රය රැගෙන පෝලිම් පැනීමට උත්සහ දැරීමේදී ඊට විරෝධය දක්වමින් ත්‍රීරෝද රථ රියදුරන් සිව්දෙනා විසින් ඔහුට පහරදී ඇති බවත් එහිදී එම පුද්ගලයා විසින් පිහි ඇන ඇති බවත් වැල්ලවාය පොලීසිය සඳහන් කරයි.

    එම ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලැබුණේ අද දිනයේදී බවත් දින කිහිපයක් තිස්සේ ඉන්ධන පෝලිම පැවති බවත් පොලීසිය සඳහන් කළේය.

    ත්‍රීරෝද රථ රියදුන් සිව් දෙනාට පිහියෙන් ඇන්න පුද්ගලයා පළාගොස් සැඟවී සිටින බවත් ඔහු ඉඅත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. ඉන්දියාවේ ලැබුණු ණය ඉන්ධනවලින් එකතුවිච්ච මුදල් නැවත නැවත ආයෝජන කරමින් ඉන්ධන ගන්වමින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ කරන්න.
      රටේ අනාගතය උදෙසා අල්ලස්වලින් වලකින්න.
      භාණ්ඩාගාරය පුරවන්න තමන් ගාව තියෙන අතිරේක මුදල් රජුව හෝ වක්‍රව හෝ ඒජන්සිය මාර්ගයෙන් භාණ්ඩාගාර ගිණුමට තැන්පත් කරන්න.
      මියයන විට කිසිම දෙයක් අරගෙන යන්නෙ නැහැ.
      කරුණාකර රට වෙනුවෙන් කරන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img