පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාටත් ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් ආරක්ෂකයාටත් රියදුරුටක් පහරදී ඔවුන් ගමන්කරමින් සිටි කැබ් රථයට ගිනි තබා විනාශ කිරීමට සම්බන්ධ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෝමාගම මාගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු අවුරුදු 36ක් වයසැති අයෙකි.
මෙම පුද්ගලයා කුඩා වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ගාලුමුවදොර අරගල භූමියටත් අරගලකරුවන්ටත් එල්ලවූ ප්‍රහාරයත් සමඟ ඉක්තු මැයි 09 වෙනිදා රටපුරා ඇතිවූ නොසන්සුන් තත්ත්වය හමුවේ කුමාර වෙල්ගම මහතා ප්‍රහාරයක් එල්ලවන්නේ කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්නයේදීය.
එල්ලවූ ප්‍රහාර හමුවේ සති කිහිපයක්ම කුමාර වෙල්ගම මහතා හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනු ලැබීය.