fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ රැකියා කරන්න අවස්ථාවක් දෙන්න යයි

    රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ රැකියා කරන්න අවස්ථාවක් දෙන්න යයි

    වසර 5 ක වැටුප් රහිත නිවාඩු මත රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක නියුක්ත වීමට පහසුකම් ලබාදිය හැකි ද යන්න සෙවීම සඳහා කමිටුවක් පත්කර තිබේ.

    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා සඳහන් කළේ සති දෙකක් ඇතුළත එම වාර්තාව ලබාදෙන බවයි.

    සාමාජිකයින් 7 ඇතුළත් මෙම කමිටුව දැනටමත් අධ්‍යයනය කටයුතු ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.

    අදාළ වාර්තාවේ නිර්දේශ කඩිනමින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම කමිටුවේ සභාපති ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන් රණසිංහ මහතා පත්කර ඇත.

    සෙසු සාමාජිකයින් වන්නේ පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් වසන්ත පෙරේරා මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස් එස්. චන්ද්‍රගුප්තා මහතා, ලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම් මංජුල ද සිල්වා මහතා, ලංකා සේවා නියෝජිතයන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල්(වැ.බ.) වජිර ඇල්ලෙපොල මහතා මෙන්ම කළමණාකාර සේවා අධ්‍යක්ෂ ජනරාල් හෝ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයකු මෙම කමිටුවට ඇතුළත් වේ.

    මේ අතර පසුගිදා රාජ්‍ය පරිපාලන නව චක්‍රලේඛ අංක 14/2022 මගින් ද ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානිනොවන පරිදි රාජ්‍ය නිලධාරීන් වැටුප් රහිත වසර 5ක විදේශ නිවාඩු ලබාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා විසින් නිකුත් කරනු ලැබීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.