තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යූරියා බෙදන්න තෙල් ඉල්ලා මහින්දගෙන් ලියුමක්

    යූරියා බෙදන්න තෙල් ඉල්ලා මහින්දගෙන් ලියුමක්

    මෙවර යල කන්නයේදී ගොවීන් සඳහා යූරියා පොහොර බෙදාහැරීම සඳහා ඉන්ධන මෙට්‍රික්ටොන් 125,000 ක් ලබාදෙන ලෙසට ඉල්ලමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට ලිපියක් යොමුකර තිබේ.

    ඉන්දීය රජය විසින් හදිසි අවශ්‍යතාවය මත ලබාදෙන මෙම යූරියා තොගයෙන් මෙට්‍රික්ටොන් 65,000 ක් ලබන මස 6 වැනිදා මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

    එම යූරියා පොහොර තොගය ලබන මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා ගොවීන් අතර බෙදාදීමට නියමිත බවත් ඒ සඳහා ලොරි රථ 2000 ක් දැනටමත් සූදානම් කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශය අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img