මෙරට තෙල් සංස්ථාවේ ණය බර නිසා ලෝකයේ කිසිදු ආයතනයක් අත්පිට මුදලටවත් තෙල් දීමට අකමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
“තෙල් සංස්ථාව මේ වනවිට ඩොලර් මිලියන 700ක් ණයයි. මේ හේතුවෙන් ලෝකයේ කිසිම ආයතනයක් තෙල් සංස්ථාවට අත්පිට මුදලටවත් තෙල් දෙන්න කැමති නෑ. ඉන්දියාවටත් හැමදාම තෙල් දිය නොහැකියි. අපිට පුළුවන් තරම් ඉන්දියාව දුන්නා. දැන් ඉන්දියාවේ බැංකුවලත් ප්‍රශ්න තියෙනවා. මේක ලේසි පහසු දෙයක් නෙවෙයි. දැනට අපිට ඇති එකම ආරක්ෂිත මාර්ගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පමණයි. ඔවුන්ගේ සහතිකය නැතුව වෙනත් කිසිම රටක් අපිට ණය දෙන්නේ නෑ. වෙනත් කිසිම මාර්ගයක් අප ඉදිරියේ නෑ. රටට ප්‍රායෝගික වෙනත් විසඳුම් ඇතිනම් කරුණාකර ඉදිරිපත් කරන්න.” යැයි ද අගමැතිවරයා මේ බව කීය.
ඔහු මේ බව කියාසිටියේ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එම සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.