තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෑලියගොඩදී 'අඹ ශාන්' මරාදැමුවේ ඉන්දියාවේ හිරගෙදරක ඉඳන් කරපු මෙහෙයුමකින්

    පෑලියගොඩදී ‘අඹ ශාන්’ මරාදැමුවේ ඉන්දියාවේ හිරගෙදරක ඉඳන් කරපු මෙහෙයුමකින්

    පෑලියගොඩ මැනිං වෙළඳ පොලේ දී සිදුවූ වෙඩි තැබීම කෙසෙල්වත්තේ පාතාල බලය වෙනුවෙන් කණ්ඩායම් දෙකක් අතර කාලයක් තිස්සේ පැවති ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදුවූවක් බව පොලීසියට තොරතුරු ලැබී තිබේ.

    ඝාතනයට ලක්වූ අඹ ශාන් නැමැත්තාට මෙයට පෙර අවස්ථා කිහිපයකදී ද වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ දරා ඇත. ඔහුට තැබූ වෙඩිල්ලකින් ඔහුගේ වැඩිමහල් සහෝදරයා කෙසෙල්වත්තේදී මෙයට පෙර ඝාතනය වී තිබුණි.

    මැනිං වෙළද පොළේ කඩකාමර කිහිපයකම හිමිකරුවෙක් වන මොහු අවස්ථා කිහිපයකදීම ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සමඟ පොලීසියට කොටුවූවෙකි.

    මෙම ඝාතනය ඉන්දියාවේ සිටින කෙසෙල්වත්තේ ධනුක නැමැත්තාගේ මෙහෙයැවීමෙන් සිදුව ඇතැයි පොලීසිය විශ්වාස කරයි. මේ වන විට ඔහු සිටින්නේ ඉන්දයාවේ හිරගෙදරකය.

    කෙසෙල්වත්තේ ධනුක සහ අඹ ශාන් යන දෙදෙනාම කෙසෙල්වත්තේ දිනුකගේ කල්ලියේ එකට සිටි දෙදෙනෙකි. එම කල්ලියෙන් අඹ ශාන් කැඩී වෙන්ව යාමත් සමඟ දෙපාර්ශවය අතර කාලයක් තිස්සේ ගැටුම් පැවති බව පොලීසිය කියයි.

    කෙසෙල්වත්තේ දිනුක ඩුබායිහීදී ඉකුත් වසරේදී මරණයට පත්වීමත් සමඟ එම කල්ලියට නායකත්වය දෙන්නේ දනුකය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img