තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් සිසුන් අතර මත්ගුලි භාවිතය ඉහළට - මානසික විකෘති අයත් වැඩිවෙයි

    පාසල් සිසුන් අතර මත්ගුලි භාවිතය ඉහළට – මානසික විකෘති අයත් වැඩිවෙයි

    මත්කාරක ගුලි වර්ග භාවිතයට තරුණ පිරිස මෙන්ම පාසල් සිසුන් ද යොමුවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇතැයි ද එය පාලනය කිරීමට ඉක්මන් පියවරක් නොගතහොත් රටට බරපතළ සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකි යැයි ද මානසික සෞඛ්‍ය පදනම සභාපති සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා පැවසීය.

    මත් ගුලි භාවිතය වැඩි වීමෙන් මානසික විකෘතින් සහිත ප්‍රජාවක් බිහිවීමේ දැඩි අවදානමක් පවතින බවද කොළඹදී ඉකුත්දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා කීවේය.

    මානසික සෞඛ්‍ය පදනම සංවිධානය කළ එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මෙසේද පැවසීය.

    “නීත්‍යානුකූල මත්පැන්වල මිල ඉහළ යාම නිසා මත් ගුලිවලට යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. මත්ගුලි යනු මිල අඩු මත් ආදේශකයක්. ඒ නිසා පාසල් සිසුන් මෙන්ම තරුණ ප්‍රජාව මිල අඩු මත් ගුලි සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් දකින්නට ලැබෙනවා. මත් ගුලි භාවිතය වැඩි වීමෙන් සිදුවන්නේ මානසික විකෘතීන් සහිත ප්‍රජාවක් බිහි වීමයි. මෙවැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු කරන පුද්ගලයකු හැටියට මම මේ තත්ත්වය හොඳින් දැක තිබෙනවා. ගුලි භාවිතය අවම කිරීම සඳහා තද නීති ගෙන ආ යුතුයි. නීතිවිරෝධී මත් කාරකවලට ඇබ්බැහි වීම තුළ සමස්ත සමාජයේ යහපැවැත්ම හදාගන්න බෑ. මානසික විකෘතිතා ඇති රෝගීන් වැඩි වීම සීඝ්‍රයෙන් සිදුවෙනවා. මේ තත්ත්වය පාලනය කරන්න නම් මෙවැනි මතකාරකවලට එරෙහිව නියාමනය වැඩි කළ යුතුයි. වර්තමානය වන විට මත් කුඩු භාවිතය පාලනය කරන්න ලංකාවේ සිදුවන නියාමනය පිළිබඳ සෑහීමකට පත්වෙන්න බෑ. ඇත්තටම අද මත් ගුලි සඳහා ලංකාවේ නියාමනයක් නැති තරම්” යැයි ද ඔහු සඳහන් කළේ ය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img