ඉකුත් වසර තුනක කාලය තුළ මෙරට ලබාගෙන ඇති රාජ්‍ය ණය පිළිබඳව ජාතික විගණන කාර්යාලය විශේෂ විගණනයක් ආරම්භ කර තිබේ.
විගණකාධිපති, චූලන්ත වික්‍රමරත්න මහතා සඳහන් කළේ 2019 සහ 2021 අතර වසර තුනක කාල සීමාවේ ලබාගෙන ඇති රාජ්‍ය ණය පිළිබඳව මෙම විශේෂ විගණනයේදි අවධානය යොමු කරන බවය.
ලබන මාසය තුළ එම විශේෂ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තුවන බවද හෙතෙම සඳහන් කළේය.
අදාල ණය ලබාගෙන ඇති ක්‍රමවේදය,මෙරට ආදායම් වියදම් තත්ත්වය ඇතුළු කරුණු කෙරෙහි මෙහිදි වැඩි අවධානයක් යොමු කරන බව ද විගණකාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.