fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තර වී දැමූ කුඹුරුවලට රසායනික පොහොර නිකුත් කෙරේ

    බිත්තර වී දැමූ කුඹුරුවලට රසායනික පොහොර නිකුත් කෙරේ

    සියලුම පළාත්වල බිත්තර වී වගා කරන ලද කුඹුරු සඳහා අවශ්‍ය රසායනික පොහොර නිකුත් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම වන වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

    ඒ අනුව පළාත් නවයේ හෙක්ටයාර් 6,774.3ක් මෙවර යල කන්නයේ බීජ වී වපුරා ඇතැයිද එම කුඹුරුවලට අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 1524ක්, TSP ( Tipple Super Phosphate ) පොහොර මෙට්‍රික් ටොන් 372.6ක් සහ MOP ( Murate OF Potash ) මෙට්‍රික් ටොන් 406.5ක් මේ වනවිට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

    ගුණාත්මක භාවයෙන් යුත් බීජ වී ගොවීන්ට ලබාදීමේ අරමුණෙන් මෙම පියවර ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.