තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඉන්ධන පිරවූ බවුසරයක් සඟවාගෙන සිටි සැකකරුවෙක් අල්ලයි

    ඉන්ධන පිරවූ බවුසරයක් සඟවාගෙන සිටි සැකකරුවෙක් අල්ලයි

    සපුගස්කන්දේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික ආයතන භූමියක සඟවා තිබුණු බවුසරයකින් ඩීසල් ලීටර් 3800ක් සහ පෙට්‍රල් ලීටර් 180 ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත.

    ගෝනහේන කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම ඊයේ සවස කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

    ඉන්ධන තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 44ක් වයසැතිි අහංගම පදිංචිකරුවෙකි.

    වැඩිදුර විමර්ශන සඳහා ඉන්ධන තොගය සමඟ සැකකරු සපුගස්කන්ද පොලිස් ස්ථානයට භාරදී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img