තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශබන්දුට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ 216න් චෝදනා

    දේශබන්දුට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ 216න් චෝදනා

    ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලින් හෙළිවන සාක්ෂිවල අනුව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහයේ 216 වගන්තිය යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

    එම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අධික්ෂණයට පක්කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් නොපමාව උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට නීති වගන්ති යටතේ කරුණු වාර්තා කරන ලෙසය.

    මෙම විමර්ශනය සම්බන්ධයෙන් දැනට නීති ක්ෂේත්‍රය තුළ සහ සමාජය තුළ බරපතග ලෙස කතිකාවන්ට ලක් වන බැවින් මෙම විමර්ශනය නිසි ලෙස හා නිවැරදි ආකාරයට සිදු කිරීම සම්බන්ධයෙයන් ඔබලා වෙත ඝෘජු වගකීමක් පැවරෙන බැවින් විමර්ශන නිලධාරීන් සඳහා අවශ්‍ය කරන වැඩිමනන් උපදෙස් හා නියෝග ලබාදී එම විමර්ශන කටයුතු නිසි හා නිවැරදි ලෙස සිදු කිරීම හා කඩිනමින් මෙකී විමර්ශන කටයුතු අවසන් කිරීමට නිලධාරීන් මෙහෙයවීමට කටයුතු කරන ලෙස ද කමල් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව අවධාරණය කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img