තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කඩදාසි අර්බුදය නිසා රාජ්‍ය ආයතන තව තවත් ඩිජිටල් වෙයි

    කඩදාසි අර්බුදය නිසා රාජ්‍ය ආයතන තව තවත් ඩිජිටල් වෙයි

    රාජ්‍ය ආයතතවලින් පාර්ලිමේන්තුව, විගණාකධිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වෙත වාර්ෂිකව හා අර්ධ වාර්ෂිකව සපයන වාර්තා ඊ-බුක් ක්‍රමය මගින් යැවීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

    එහි ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ මීට අමතරව විවිධ පෝරම පිරවීම ‍වෙනුවට ඒ සඳහා එක් පෝරමයක් ලබාදීම ‍මෙන්ම වට්ස්ඇප් වැනි සාමාජ මාධ්‍ය ක්‍රම භාවිතයෙන් එම පෝරම අදාළ අංශ වෙත යොමු කිරීම ද ‍කටයුතු සූදානම් කරමින් තිබෙන බවයි.

    නව වැඩපිළිවෙළ යටතේ මුද්‍රිත පත්‍රිකා දැන්වීම් ද සාමාජ මාධ්‍ය හා විද්‍යුත් තිර මත ප්‍රදර්ශනයට ද පහසුකම් සලසන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

    වාර්ෂිකව විවිධ පෝරම හා වාර්තා සඳහා කඩදාසි වෙනුවෙන් දැරීමට සිදුවන විශාල පිරිවැය අවම කරගැනීමේ අරමුණින් මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.

    කෙසේවෙතත් මෙම නව වැඩපිළිවෙළ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img