පසුගිය වසරේදී රාජ්‍ය දැව සංස්ථාව රුපියල් බිලියන 1.5ක දැවැන්ත ලාභයක් ලබා තිබේ.
කොරෝනා වසංගත තත්ත්වය මධ්‍යයේ වුවත් මෙවැනි විශාල ලාභයක් අත්පත් කරගෙන ඇත්තේ මනා මූල්‍ය කළමනාකාරීත්වයකින් කටයුතු කළ නිසා බව රාජ්‍ය දැව සංස්ථා නිලධාරීහු පවසති.
අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය දැව සංස්ථා ශ්‍රවනාගාරයේදී ඊයේ එහි ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හෙළි වූයේ දැනට ශ්‍රී ලංකා රාජ්‍ය දැව සංස්ථාව සතුව ඉතා ඉහළ මූල්‍ය වත්කම් ප්‍රමාණයක් පවතින බවයි.
සෑම වසරකම රාජ්‍ය දැව සංස්ථාව රජයට රුපියල් මිලියන 2000ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදේ.
මේ වසරේද අදාළ මුදල ලබාදීමට කටයුතු කරන අතර දැනට දැව සංස්ථාව සතුව කළුවර දැව බහාලුම් 20 ක් පමණ පවති.
ඒවා මිශ්‍ර කර දැව භාණ්ඩ නිපදවා විදේශ රටවලට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අවධානය යොමු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුනි.