රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සමඟ ඊයේ සවස දුරකථන ඔස්සේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
IMF කාර්ය මණ්ඩල මට්ටමේ නියොජිත කණ්ඩායම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් එවිට කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරිමට හැකි බවත් අග්‍රාමාත්‍යවරයා එහිදි ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාව සහ IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අවසන් කිරීම මත මූල්‍ය සම්බන්ධතා සාකච්ඡා රඳා පවතින බව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.
මෙම දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට සහාය වීමට IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය කැමැත්ත පළ කර ඇත.