fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සුදුසුකම් නොමැති ඕ.අයි.සී.ලා 182 දෙදෙනා කවුරුන්දැයි නීතීඥවරයෙක් පොලිස්පතිගෙන් විමසයි

    සුදුසුකම් නොමැති ඕ.අයි.සී.ලා 182 දෙදෙනා කවුරුන්දැයි නීතීඥවරයෙක් පොලිස්පතිගෙන් විමසයි

    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පොලිස්පතිවරයා විසින් යොමුකර ඇති ලිපියකින් පෙන්වා දී ඇති සුදුසුකම් නොමැතිව ස්ථානාධිපතිධූර දරන නිලධාරීන් 182 දෙදෙනාගේ නම් සහ ඔවුන් සේවය කරන පොලිස් ස්ථාන මොනවාදැයි තොරතුරු දැනගැනීමේ පනතින් නීතීඥවරයෙක් විසින් පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කර තිබේ.

    පොලිස්පතිවරයා විසින් ඉකුත් 2021 දෙසැම්බර් 01 වෙනිදා දාතමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කළ පිටු අටකින් යුත් රහස් ලියැවිල්ලක දැක්වෙන ආකාරයට අනුව 2021 ජනවාරි 01 සිට 2021 නොවැම්බර් 03 දක්වා කාලය තුළ පොලිස් ස්ථානාධිපතිවරු 184 දෙනෙක් පත්කර ඇත.

    එම නිලධාරීන්ගෙන් දෙදෙනෙක් හැරුණු කොට සෙසු නිලධාරීන් 182 දෙදෙනාම සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන් බව එම ලිපියෙහි සඳහන්ය.

    නීතීඥවරයා විසින් තොරතුරු දැන ගැනීමේ පනතින් ඉල්ලා ඇත්තේ එම නිලධාරීන් කවුරුන්දැයි කියාය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.