fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්රවිඳු හා බිරිඳ පොලිසියට භාරවෙන බව කියයි

    රවිඳු හා බිරිඳ පොලිසියට භාරවෙන බව කියයි

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පරුෂ වචනයෙන් බැන වැදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන ආකාරයට හැසිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන තංගල්ල හිටපු නගරාධිපති රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ පොලීසියට භාරවන බව දැනුම් දීමක් කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    අධිවේගී මාර්ගයේ රාජකාරි කරනු ලබන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඔවුන් දෙදෙනාට එරෙහිව වීරකැටිය පොලිස් ස්ථානයට පැමිණිලිකර ඇතත්තේ ඉකුත් 01 වෙනිදාය.

    කැබ් රථයකින් ඔවුන් දෙදෙනා පැමිණ එම තැබ් රථය අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට සූදානම් වී ඇති බවත් එහි පිටුපස අනාරක්ෂිත ලෙස ශිතකරණයක් කෙලින් අතට සිටින සේ රැගෙන යාමට උත්සහ කළ බවත් එම පැමිණිල්ලෙහි සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    ශීතකරණය උඩ අතට විවෘතව රැගෙන යාම අනතුරු දායක බැවින් පොලිස් නිලධාරීන් දෙදෙනා එම රථය අධිවේගී මාර්ගයට ඇතුළුකිරීමට ඉඩ නොදීම හේතුවෙන් හිටපු නගරාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී තර්ජනයකරමින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවද පැමිණිල්ලෙහි දැක්වෙන බව එම නිලධාරියා පැවසීය.

    බැණ තර්ජනය කිරීම සිදුවන විට පොලිස් නිලධාරියෙක් එය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර ඇති බවත් සාක්ෂියක් ලෙස එය පොලීසියට ඉදිරිපත්කර තිබෙන බවත් එම නිලධාරියා පැවසීය.

    එම වීඩියෝව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පසුදින මාධ්‍ය වෙත මුදාහැරිමට පියවර ගත්තේය. එහෙත් ඊට පෙර සිට එම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වූ බැවින් පොලිස් නිලධාරියෙක් සාක්ෂියක් ලෙස පටිගත කළ එම වීඩියෝව සමාජමාධ්‍ය ජාල වෙත මුදා හැර තිබීම ගැටළු සහගත බව ද එම නිලධාරියා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන්ද යම් සොයා බැලීමක් කිරීමට සිදුවන බවද ඔහු කීය.

    මෙම හිටපු නගරාධිපතිවරයා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයාය.

    පොලිස් නිලධාරියෙක් රවිඳු වෙදආරච්චි මහතාගේ ටී-ෂර්ටුවෙන් අල්ලාගෙන සිටින ඡායාරූපයක්ද මේ වන විට රවිදුගේ පාර්ශවයෙන් නිකුත් ව ඇත. ඔවුන් පවසන්නේ එම සිදුවීමෙන් පසු වීඩියෝවේ දැැක්වෙන සිදුවීම වූ බවකි.

    ඒ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකර ඇති බවද උසස් පොලිස් නිලධාරියා පැවසීය.

    බැදිගසම පිවිසුමේදී වූ මෙම සිදුවීමෙන් පසු රවිඳු වෙදආරච්චි එම කැබ් රථය පදවාගෙන බෙලිඅත්ත පිවිසුම්න් අධිවේගී මාර්ගයට ඇතුළු වී කොට්ටාවෙන් පිටව ඇති බවට තොරතුරුද ඇති බව එම නිලධාරියා කීය. ශිත කරණය ඒ ආකාරයෙන්ම කැබ් රථයේ රැගෙනගොස් ඇති බවට තොරතුරු ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක කැමරා පරීක්ෂාකර යම් සොයා බැලිමක් කරන ලෙස රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාට දැනුම් දීමටද දකුණේ පොලිස් ප්‍රධානීන් තීරණය කර තිබේ. ඒ එක් පිවිසුමකින් ඇතුළුවීමට ඉඩනොදුන් වාහනයකට තවත් පිවිසුමකින් ඇතුළුවීමට ඉඩ ලැබීම සම්බන්ධයෙන් යම් ගැටළු සහගත තත්ත්වයක් මතුවන නිසාය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.