fbpx
තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම තාවකාලිකව අත්හිටුවයි

    ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම තාවකාලිකව අත්හිටුවයි

    පාසල්වලට සිසුන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛය උල්ලංඝනය කර ඉකුත් වසර එකහමාරක කාලය තුළ ජනප්‍රිය පාසල්වලට සිසුන් විශාල පිරිසක් ඇතුළත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.

    ඒ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුකරන බවද අධ්‍යාපන ඇමැතිවරයා කීය.

    එම විගණනය අවසන් කරන තෙක් කිසිදු සිසුවකු ජනප්‍රිය පාසල්වලට ඇතුලත් කිරීමට කටයුතු නොකරන බවද ඔහු කීය.

    එම නිසා සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුලත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් නොකරන්නැයි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවද අධ්‍යාපන ඇමැතිවරයා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.