තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයපාසල් - සරසවි භූමිවල වගා සංග්‍රාමයක් ඇරඹේ

    පාසල් – සරසවි භූමිවල වගා සංග්‍රාමයක් ඇරඹේ

    රට පුරා සියලු පාසල් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළ ගෙවතු වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමට කඩිනමින් පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

    විශ්වවිද්‍යාල හා පාසල් භූමිවල ඉතා විශාල ඉඩ ප්‍රමාණයක් නිකරුනේ අපතේ යන හෙයින් ඒවායේ ගෙවතු වගාව ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

    එම ගෙවතු වගාව සම්බන්ධයෙන් වන උපදෙස් මාලාව ලබන සතියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන බවද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.

    පාසල් විශ්වවිද්‍යාල සහ විද්‍යාපීඨ පර්යේෂණ තුළ එම ගෙවතු වගා සංග්‍රාමය සාර්ථක කර ගැනීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහ පෞද්ගලික අංශයේ සහාය ලබා ගන්නා බවද ඇමැතිවරයා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img