තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැයි 09 තමා වැඩ කළේ කාගේ නියෝගයටදැයි දේශබන්දු කියයි

    මැයි 09 තමා වැඩ කළේ කාගේ නියෝගයටදැයි දේශබන්දු කියයි

    ගාලු මුවදොර හා ඒ ආශ්‍රීතව ඉකුත් 09 වෙනිදා ඇතිවූ සිද්ධියට අදාලව තමා ඉටුකළ යුතු සියළු රාජකාරි වගකීම් නොපිරිහෙලා ඉටුකළ බවත් ශ්‍රී ලංකා පොලීසියේ හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගේ නියෝග අනුව තමා ක්‍රියාකර ඇති බවත් අවධාරණය කරමින් බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලිපියක් යොමුකර ඇත.

    එම ලිපිය ඔහු විසින් යොමුකර ඇත්තේ ඉකුත් 29 වෙනිදාය.

    එම ලිපියෙන් ඔහු පෙන්වා දෙන්නේ මෙම සිද්ධියට අදාල නඩුව ගරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවන්හීදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් මාහට විරුද්ධව අසත්‍ය චෝදනා එල්ලකිරීම හා එම සාවද්‍ය තොරතුරු වලට මාධ්‍ය මගින්ද පුළුල් ප්‍රචාරයක් ලබාදීම හේතුවෙන් වසර 24 සේවා කාලයක් හිමි මාගේ කීර්තිනාමය බලවත් හානියක් සිදුව ඇති බවය.

    දේශබන්දු තෙන්නකෝන් මහතා එම ලිපියෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තමා වෙත එල්ලකර ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර එහිදී අනාවරණය වන නිවැරදි තොරතුරු අනුව ගරු අධිකරණය වෙත මාගේ නිර්දෝෂීභාවය වාර්තා කරනු ඇතැයි හුදෙක් මා අපේක්ෂා කරනු ඇති බවය.

    දින 14ක් ඔහු ඉකුත් 30 වෙනිදා සිට පුද්ගලික නිවාඩු ලබන්නේද මෙම ලිපිය පොලිස්පතිවරයාට යොමුකරමිනි. එහි ඔහු පෙන්වා දෙන්නේ එම දින 14 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් වනු ඇති බවකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img