තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය ධාවනාගාර ආපන ශාලාවේ දී කාන්තාවක් මරා රන් භාණ්ඩ කොල්ලකෑමක්

    දුම්රිය ධාවනාගාර ආපන ශාලාවේ දී කාන්තාවක් මරා රන් භාණ්ඩ කොල්ලකෑමක්

    දෙමටගොඩ දුම්රිය ධාවනාගාර ආපන ශාලාව තුලදී එම ආපන ශාලාව පවත්වාගෙන යන කාන්තාව ඝාතනයකර ඇය සතු රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.

    මෙම ඝාතනය පෙරේදා රාත්‍රි කාලයේදී සිදුව ඇති බවත් 119 පොලිස් හදිසි ඇමතිතුම් අංශයට එම ඝාතනය ගැන තොරතුරු ලැබී ඇත්තේ ඊයේ දිනයේදී බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් අද උදෑසන නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්වන පරිදි එම කාන්තාව මාළිගාවත්තේ පදිංචිං 48 වන වියේ පසුවන්නියකි.

    ඝාතකයා විසින් ඇගේ ගෙල බැදි රන් මාල තුනක්, පැළද සිටි රන් මුදු තුනක් සමඟ ඇය සතුව තිබුණු ජංගම දුරකතන දෙකක් කොල්ලකා ඇතැයි ද මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා දෙමටගොඩ පොලීසියත් කොළඹ අපරාධ කොට්ඨාශයත් මේ වන විට විමර්ශන පවත්වයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img