තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහජන බැංකුවට මේ වසරේ රු. කෝටි 740ක ලාභයක්

    මහජන බැංකුවට මේ වසරේ රු. කෝටි 740ක ලාභයක්

    මහජන බැංකුව මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 740 ක ලාභයක් ලබා තිබේ.

    මහජන බැංකුව මේ වසරේ මාර්තු මස 31 වැනි දිනෙන් අවසන් වන පළමු කාර්තුව තුළදී බදු පෙර ලාභය රුපියල් කෝටි 1100ක් වූ අතර බදු පසු ලාභය රුපියල් කෝටි 740ක් වූ බවද මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පැවසීය.

    මේ වසරේ පලමු කාර්තුව තුළ සමස්ත මෙහෙයුම් ආදායම 71.4%ක් හෙවත් රුපියල් කෝටි 3040ක් ශුද්ධ පොලිය ආදායම් වූ අතර එය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 29.2% ක ඉහළ යාමක් බවද රාජපක්ෂ මහතා කීය.

    තවද පළමු කාර්තුව තුළ සියයට 20කට වැඩි පොලී මත පදනම් නොවූ ආදායමක් ලබා ගැනීමට මහජන බැංකුව සමත් වූ බව ද සභාපතිවරයා පැවසීය.

    තවද පළමු කාර්තුව තුළ 20%කට වැඩි පොලී මත පදනම් නොවූ ආදායමක් ලබා ගැනීමට මහජන බැංකුව සමත් වූ බව ද සභාපතිවරයා පැවසීය.

    මහජන බැංකුව ජංගම හා ඉතුරුම් තැන්පතු 40% ක මට්ටමකට ආසන්නව පවත්වාගෙන යාමත් සමඟ ඒකාබද්ධ තැන්පතු 62% කින් හෙවත් රුපියල් ට්‍රිලියන 2.3 ක් දක්වා වර්ධනය වූ බව ද සභාපතිවරයා කීය.

    මහජන බැංකුව පළමු කාර්තුවේ දී සමස්ත ගනුදෙනු වලින් 70% කට වැඩි ප්‍රමාණයක් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img