තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යල ඉලක්කය හෙක්ටාර් ලක්ෂ 5යි - බාගයක්ම දැනටම අස්වද්දලා

    යල ඉලක්කය හෙක්ටාර් ලක්ෂ 5යි – බාගයක්ම දැනටම අස්වද්දලා

    යල කන්නයේදී වගා කිරීමට අපේක්ෂිත භූමි ප්‍රමාණයෙන් 50%කට අධික ප්‍රමාණයක් මේ වනවිට අස්වද්දා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, මේ වනවිට කුඹුරු ඉඩම් හෙක්ටෙයාර් 261,000 ක් අස්වද්දා ඇති බවය.

    මෙවර යල කන්නයේ කුඹුරු ඉඩම් හෙක්ටෙයාර් ලක්ෂ 5ක් අස්වැද්දීමට අපේක්ෂිත බවද ඔහු සඳහන් කළේය.

    එමෙන්ම තවත් හෙක්ටෙයාර් ලක්ෂයක් පමණ මූලික බිම් සකස් කිරීම් සිදුකර ඇති බවද අධ්‍යක්ෂ ජනාරාල්වරයා ප්‍රකාශ කළේය.

    ලබන මස මුල් සතියට පෙර යළ කන්නයේ වගාව ආරම්භ කරන ලෙසද ඔහු ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img