තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොලිස්පති මානව හිමිකම් කොමිසමට කැදවයි

    පොලිස්පති මානව හිමිකම් කොමිසමට කැදවයි

    ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාව මානව හිමිකම් කොමිසම හමුවට කැදවා තිබේ.

    ඒ මේ වන විට එම අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මානව හිමිකම් කොමිසම හමුවේ කර ඇති ප්‍රකාශයක් හේතුවෙනි.

    මානව හිමිකම් කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ අරගලකරුවන්ට පහරදුන් පිරිස් වැලැක්වීමට තමා පියවර ගෙන තිබුණද පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට සිටි ලේකම්වරයා විසින් එය වැලැක්වූ බවය. දේශබන්දු තෙන්නකෝන් මහතාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ විශේෂ අවධානයක් යොමුකර ඇති අතර ඉදිරි සතියේ මුල මානව හිමිකම් කොමිසම පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත්තේ ඒ සම්බන්ධයෙන් බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img