තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජන අරගලයට බියෙන් පොලිස් මූලස්ථානයේ ආරක්ෂාව අද තරකෙරේ

    ජන අරගලයට බියෙන් පොලිස් මූලස්ථානයේ ආරක්ෂාව අද තරකෙරේ

    ‍ෙපොලිස් මූලස්ථානයේ ආරක්ෂාව අද දිනයේ තර කිරීමට තීරණය වී තිබේ.

    ගාලුමුවදොර අරගලයට දින 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගාලුමුවදොරට විශාල පිරිසක් රැස්වනු ඇතැයි බුද්ධි අංශ විසින් ලබාදී ඇති බුද්ධි තොරතුරක් හේතතුකොටගෙනය.

    පොලිස් මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.එල්.ආර්. අමරසේකර මහතා විසින් ඒ බව පොලිස් සියළුම නිලධාරීන් ලිඛිතව දැනුවත්කර තිබේ.

    ජන අරගලයක් හේතුවෙන් මෙසේ පොලිස් මූලස්ථානයට ආරක්ෂාවක් ලබාදීමට සිදුවන්නේ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ලවී ඇති පසුබිමක එම නිලධාරියා සම්බන්දයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පවා ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් නිසි පියවරක් මෙතෙක් ගෙන නොමැති පසුබිමක් තුළදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img