තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"නීතියට වැඩකරන පොලිස් නිලධාරීන්ව මම රකිනවා" - පොලිස් ඇමතිගෙන් සහතිකයක්

    “නීතියට වැඩකරන පොලිස් නිලධාරීන්ව මම රකිනවා” – පොලිස් ඇමතිගෙන් සහතිකයක්

    තමන් වෙත පැවරී ඇති රාජකාරි සැම විටම නීත්‍යානුකූලව සිදු කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති ප්‍රමුඛ බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් හමුවේ අවධාරණය කර තිබේ.

    මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් සමඟ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි අමාත්‍යාංශයේදී ඊයේ පැවති සාකච්ඡාවකදී ටිරාන් අලස් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

    එලෙස නීත්‍යානුකූලව රාජකාරි කටයුතු කරන සෑම පොලිස් නිලධාරියෙකුටම පොලිසිය භාර ඇමතිවරයා ලෙස තමා රැකවරණය ලබාදෙන බවට සහතිකයක්ද එහිදී අමාත්‍යවරයා ලබාදී තිබීම විශේෂිතය.

    පොලිස්පති ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු කොට්ඨාශභාර පොලිස් ප්‍රධානීන් මෙම සාකච්ඡාවට සහභාගිවී සිට ඇත.

    පොලිස් නිලධාරීන් රාජකාරි ඉටුකිරීමට යාමේදී ප්‍රායෝගිකව මුහුණ දෙන නීතිමය ගැටලු පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාව දැනුවත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබේ. ඒ සියල්ලටම හොදින් ඇහුම්කන් දුන් අමාත්‍යවරයා අදාල ආයතන සමග සම්බන්ධීකරනය වෙමින් කඩිනම් එම ගැටළු වලට විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවට සිය අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙන්ම පොලිස් බලධාරීන්ට මෙහිදී දැනුම් දී තිබේ.

    ශ්‍රී ලංකා පොලිසියට පාලනය කරගත් නොහැකි සිදුවීම් මෙන්ම අසීරු අවස්ථා වලදී ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගත යුතු බව ද අමාත්‍යවරයා පොලීස් බලධාරීන්ට දැනුම් දී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img