තවත්

    Softlogic GLOMARK කඳානට..

    සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් (Softlogic GLOMARK) සුපිරි වෙළෙඳසැල් ජාලය තවදුරටත් පුළුල් කරමින් සිය නවතම ශාඛාව කඳානේ දී විවෘත කර තිබේ.

    ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් සම්ප්‍රදායට විප්ලවීය වෙනසක් එක්කළ, අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිකරණයේ නවමු ගමනක යෙදෙන ‘සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක්’ මෙරට වෙළඳ ක්ෂේත්‍රය නව්‍යකරණයට ලක්කරමින් සිය ජාලය තවදුරටත් විහිදුවමින් සිටී.

    ග්ලෝමාර්ක් සුපිරි වෙළෙඳසැල් ජාලය තුළදී දේශීය සහ විදේශීය වෙළඳපොළ නිෂ්පාදන රාශියක් ඔබ වෙත ගෙනඑන්නේ සුහදශීලී පාරිභෝගික සේවාවක් ද සමඟිනි.

    මෙම අලෙවිසැලේදී ඔබට තෝරාගැනීම සඳහා පුළුල් පරාසයක වර්ග ඇතුළත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, සිල්ලර භාණ්ඩ, නැවුම් ආහාර, කාබනික නිෂ්පාදන, ඖෂධ සහ බේකරි නිෂ්පාදන වැනි දේ පමණක් නොව, නවීන ගෘහ උපකරණ, විදුලි උපකරණ ආදියෙන් එකම වහළක් යටදී ඔබේ ප්‍රියතම සාප්පු ගමනාන්තයක් බවට පත්කරන්නට සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් සියලු පහසුකම් සලසා තිබේ.

    සම්ප්‍රදායික සුපිරි වෙළෙඳසැල්වලින් ඔබ්බට ගොස් අන්තර්ජාතික සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් ඔබට ළඟාකර දීම සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් හි විශේෂත්වයයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img