21 වැනි සංශෝධනය සම්මත කිරීම අනිවාර්ය බවත් එසේ නොමැති වුවහොත් ආණ්ඩුවෙන් ඉවත්වීමට කටයුතු කරන බව ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීමේ කොන්දේසිය මත ඇමති ධුර බාර බාරගත් බවයි ඔහු සඳහන් කළේය.
ශ්‍රීලනිපයේ යෝජනාවක් අනුව 21වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ බැවින් පක්ෂය ඒ සඳහා දැඩිව පෙනී සිටින බවත් ඇමතිවරයා පැවසීය.
කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප පක්ෂ මූලස්ථානයේ (26) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.