තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පියා සහ දරු දෙදෙනා ජල රකුසාට බිළිවේ

    පියා සහ දරු දෙදෙනා ජල රකුසාට බිළිවේ

    මහියංගනය කිරිමැඩිල්ලේ පිහිටි දම්බරාව වැවේ දිය නෑමට ගිය පියෙක් සහ දරුවන් දෙදෙනෙක් දියේ ගිලී මිය ගොස් ඇත.

    මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වන පියා සහ වයස අවුරුදු 15ක් සහ 10 ක් වන පුතුන් දෙදෙනෙක් බව මහියංගනය පොලීසිය සඳහන් කරයි.

    කිරිමැඩිල්ලේ පදිංචි මොවුන් තිදෙනා ඊයේ සවස දිය නෑමට ගොස් බොහෝ වේලාවක් තිස්සේ නිවසට නොපැමිණීම හේතුවෙන් කළ සොයා බැලීමේදී දියේ ගිලී ඇති බව පෙනී ගොස් තිබෙන බව පොලීසිය කියයි.

    ගම්වැසියන් වැවට පැන කළ සොයා බැලීමකින් පසු තිදෙනාගේ සිරුරු හමුවී ඇති අතර අද පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img