පවතින අර්බුදය හමුවේ රාජ්‍ය සේවා කටයුතු සීමිත සම්පත් කළමනාකරණයෙන් විධිමත් කොට ඵලදායි ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් අද දින (24) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාන්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වී තිබේ.
මෙහිදී සාකච්ඡා වූ කරුණු අතර අවම පිරිවැයකින් අවම කාල පරාසයක හා අවම සම්පත් යටතේ රාජ්‍ය සේවකයින් සේවය කැඳවීමට ගත යුතු පියවර ගැන සාකච්ඡා වී ඇත.
එසේ වුවද ජනතාව අපහසුතාවයට පත් නොවන ලෙස අඛණ්ඩ සේවා සැපයීම ආදී කරුණු සාකච්ඡා කෙරුණු බව අමාත්‍යාංශය කියයි.
ජාතික ආර්ථිකය ඉදිරියට ගෙනයාම උදෙසා මෙම අමාත්‍යංශයේ නිලධාරීන් ප්‍රමුඛ කොටගත් සමස්ථ රාජ්‍ය නිලධාරීන් වගකීමෙන් හා කැපවීමෙන් කටයුතු කල යුතු බවද එහිදී සාකච්ඡා වීය.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, ජේ.ජේ. රත්නසිරි, අනිරේක ලේකම්වරු අංශ ප්‍රධානින් ඇතුලු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.