තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජගත් අල්විස් පොලිස් ලේකම් ලෙස දිගටම වැඩ

    ජගත් අල්විස් පොලිස් ලේකම් ලෙස දිගටම වැඩ

    විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතාට තවදුරටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ රැඳී සිටින්න යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා දැනුම්දෙමින් ඒ බව ජනාධිපතිවරයාව දැනුවත් කර තිබේ.

    ඒ අනුව ජගත් අල්විස් මහතා තව දුරටත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන බව අමාත්‍යාංශ තොරතුරු සඳහන් කළේය.

    ජගත් අල්විස් මහතා ඊයේ සවස අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේ තිබුණු සිය පුද්ගලික බඩුමුට්ටු ද ඉවත් කර ගනිමින් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර තිබුණි.

    ලේකම්වරයා එහිදී පවසා තිබුණේ නව අමාත්‍යවරයාට සුදුසු ලේකම්වරයෙකු පත් කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදීමට ඉල්ලා අස් වන බව ය.

    කෙසේ වෙතත් මේ වන විට එම ඉල්ලා අස්වීම අස්වීම ප්‍රතික්ෂේප වී ඇති බැවින් ලේකම්වරයා අද දින සුපුරුදු ලෙස සේවයේ නිරතව සිටියේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img