fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහබැංකුව හෙට රජයේ මුදල් කාරක සභාව හමුවට

    මහබැංකුව හෙට රජයේ මුදල් කාරක සභාව හමුවට

    ශ්‍රී ලංකා මහ බැංකුව හෙට (24) දින පෙරවරු 10ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇත.

    වත්මන් ආර්ථික අර්බුදය හා ඒ සඳහා ඇති විසදුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් මුදල් කාරක සභාව හමුවට කැඳවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි.

    ඒ අනුව මෙම කැඳවීම කර ඇති බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.