තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ විභාග කාලයේ විදුලි කැපිල්ලක් නෑ

    සාපෙළ විභාග කාලයේ විදුලි කැපිල්ලක් නෑ

    අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන හෙට (23) සිට ජූනි මස 1 වනදා දක්වා කාලය තුළ දී විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

    අද (22) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක මහතා මේ බව පවසා සිටියේය.

    මීට පෙර සැලසුම් කළ පරිදි විභාගය පැවැත්වෙන දිනවල සවස 6.30න් පසුව ද විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ඔහු කීය.

    අද සහ 29 වන ඉරිදා දිනයේ දී ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ජනක රත්නායක මහතා කියා සිටියේය.

    එම කාලයේ දී අවශ්‍ය විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ජලය, ජල කළමනාකරණ ලේකම් කාර්යාලය මඟින් ලබාදී ඇතැයි ද ඒ මහතා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img