තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇඟලුම් කම්හල් 30%ක් මෙරටින් ඉවතට යන ලකුණු

    ඇඟලුම් කම්හල් 30%ක් මෙරටින් ඉවතට යන ලකුණු

    මේවනවිට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඇඟලුම් කර්මාන්තශාලා සියයට 30 ක් පමණ මෙරටින් ඉවත් කර වෙනත් රටවල ස්ථාපිත කිරීමට එම කර්මාන්තශාලා ප්‍රධානීන් සූදානම් වන බව වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානය පවසයි.

    එහි කැඳවුම්කරු ගාමිණී රත්නායක පැවසුවේ අපනයන නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කිරීමට නොහැකි වීම, අමුද්‍රව්‍ය ආනයනය කර ගැනීමට නොහැකිවීම සහ ඉන්ධන හිඟය ඊට හේතුවී ඇති බවයි.

    විශේෂයෙන්ම ඉන්ධන අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවල සමස්ථ නිෂ්පාදන කටයුතු සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img