තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"දැන් තත්ත්වය ටිකක් හොඳයි.. ඉල්ලා අස්වෙන්න අවශ්‍ය නෑ"

    “දැන් තත්ත්වය ටිකක් හොඳයි.. ඉල්ලා අස්වෙන්න අවශ්‍ය නෑ”

    මේ වන විට රටේ යම් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැගෙමින් තිබෙන හෙයින් තමාට ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

    ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රවණාගාරයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනමාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එසේ පැවසීය.

    දේශපාලන ස්ථාවරත්වයක් රටේ නොමැති නම් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට ඔහු මීට පෙර ප්‍රකාශයක් කළ අතර ඒ පිළිබඳ ජනමාධ්‍යවේදියා එහිදී ප්‍රශ්න කළේය.

    ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී සඳහන් කළේ මේ වනවිට අග්‍රාමාත්‍යවරයෙකු පත්කර තිබෙන අතර කැබිනට් මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු ද පත්කර තිබෙන හෙයින් ඉදිරියේ දී දේශපාලන ස්ථාවරත්වයක් ඇති වීමේ ප්‍රගතියක් පෙන්නුම් කරන බවය.

    ඒ නිසා ශ්‍රී ලංකා මහබැංකුවේ කටයුතු ඉදිරියට කරගෙන යාමට බාධාවක් නොවන බව හැඟීයන්නේ යයි ද ඔහු සඳහන් කළේය.

    තමා ඉල්ලා අස්වන බවට කළ ප්‍රකාශයෙන් පසුව කිහිප දෙනෙකුම තමා අමතා ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ඉල්ලීම් කළ බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img