තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැති ඇමතීන්ගේ නිවාසවලට පහරදීමට ඇල්ලූ ගණ න 664 දක්වා ඉහළට

    මැති ඇමතීන්ගේ නිවාසවලට පහරදීමට ඇල්ලූ ගණ න 664 දක්වා ඉහළට

    ගාලු මුවදොර අරගල භූමියට සහ කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධයේ නිරතවූ පිරිස් වෙත ඉකුත් 09 වෙනිදා එල්ලවුණු ප්‍රහාරයෙන් පසු දේශපාලනඥයන්ගේ නිවාස හා දේපොලවලට පහරදී ගිනි තැබීම් සම්බන්ධයෙන් සැකපිට අද දහවල් වන විට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 664 දක්වා ඉහළ ගොස් තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් මහතා සඳහන් කරනු ලැබුවේ ගෙවී ගිය පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 258ක් වන බවය.

    මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් 272 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව ද නිහාල් තල්දූව මහතා කීය.

    අදාල සිදුවීමට අදාලව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණීලි 791ක් මේ වන විට පොලීසියට ලැබී ඇති බවද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. එම පැමිණිලිවලින් 444ක්ම ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර දෙවැනියට වැඩියෙන්ම පැමිණිලි ලැබී ඇත්තේ දකුණු පළාතෙනි. එම ගණණ 118ක් බව නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img