තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායක ධූරයට

    අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායක ධූරයට

    නියෝජ්‍ය කථානායක ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා තේරීපත් විය.

    ඒ සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ රෝහිනී කවිරත්න මහත්මියට වඩා වැඩි ඡන්ද 31ක් ලබා ගනිමිනි.

    රෝහිනී කවිරත්න මහත්මිය ඡන්ද 78 ක් ලබාගත් අතර අජිත් රාජපක්ෂ මහතා ඡන්ද 109 ක් ලබා ගත්තේය.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරනු ලැබුවේ ඡන්ද 23ක් නරක් වී ඇති බවය.

    අද පැවැති නියෝජ්‍ය කථානායකවරයා තේරීම සඳහා ඡන්ද 210 ක් භාවිතාකර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img