තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිඇමති දේපළ හානි කළ 250ක් සහ පහරදීමට ගිය 1ක් අත්අඩංගුවට

    මැතිඇමති දේපළ හානි කළ 250ක් සහ පහරදීමට ගිය 1ක් අත්අඩංගුවට

    පසුගිය දිනවල ආණ්ඩුව නියෝජනය කරන දේශපාලනඥයන්ට සහ වාහන, දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් අද වනවිට සැකපිට පුද්ගලයන් 250 ක් පමණ අඩංගුවට ගෙන ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ අද උදෑසන වන විට ඔවුන්ගෙන් 68 දෙනෙකු අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

    සෙසු පිරිස අද දිනය තුළ අධිකරණවලට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

    එසේම අරලියගහ මන්දිරය ඉදිරිපිටදී අරගලයේ නිරත වූ පිරිසට පහරදීම සම්බන්ධයෙන් ද මේ වන විට එක පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන ඇති බව ද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    ඔහු මොරටුව මොරටුවැල්ලේ පදිංචි අවුරුදු හතළිස් නවයක් වයසැති මොරටුව නගරසභා කම්කරුවකු බව පොලිසිය කීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඡායාරූප සහ වීඩියෝ විශ්ලේෂණයෙන් අනතුරුවය.

    ගෝටාගෝගම සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණය කළ පිරිස ද පහර දුන් අයගෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පුද්ගලයා පමණක් බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    ඉදිරි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට හදුනා ගනිමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img