තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්21 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට සාකච්ඡාවක් - අගමැති

    21 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට සාකච්ඡාවක් – අගමැති

    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා හෙට අරඹන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පසුව එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන බව ද අග්‍රාමාත්‍යවරයා කීය.

    රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවලදී ඖෂධ, ආහාර සහ පොහොර සැපයීමේ ගැටළු සඳහා සහය දැක්වීම පිළිබඳව එම සංවිධානවල අවධානය යොමු වූ බවද හෙතෙම කියා සිටී.

    ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන දෙක හමුවීමට සමගාමීව ජාත්‍යන්තර සම්මේලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් විදේශ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

    සාකච්ඡා ධනාත්මක වී ඇති බව පැහැදිළි කළ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරි සතිය සඳහා ඉන්ධන අවශ්‍යතා සඳහා ගෙවීමට අවශ්‍ය මුදල් ක්ෂණිකව ලබාගැනීමේ අභියෝගය රජයට පවතින බවයි.

    බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් රජය දැන් අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට වෙනත් විකල්ප සොයා බලමින් සිටින බවද හෙතෙම කීය.

    පසුගිය දින දෙක තුළ තමාගේ රැස්වීම්වලින් අනතුරුව හෙට දිනයේදී රටේ පවතින මූල්‍ය අර්බුදය පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img