තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්වාධීන වූ පක්ෂවල සහය රනිල්ට - ශ්‍රීලනිප තීරණය අද

    ස්වාධීන වූ පක්ෂවල සහය රනිල්ට – ශ්‍රීලනිප තීරණය අද

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම සම්බන්ධයෙන් අද (13) පැවැත්වෙන මධ්‍යමකාරක සභාවේදී තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

    මේ අතර නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 පවසයි.

    කිසිදු වරප්‍රසාදයක් ලබානොගෙන රට වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ගෙන යන වැඩ පිළිවෙලට සහය ලබාදෙන බවයි එම කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ. 

    එමෙන්ම පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වෙන් වෙන්ව මුණගැසී සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    එම සාකච්ඡා අද දිනය තුළදී පැවැත්වෙනු ඇතැයිද එම ආරංචි මාරැ වැඩිදුරටත් සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img